මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ අංශ වසා දමා ඇති වුවත් කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් ඇති අවදානමද නොසළකා වතු කම්කරුවන් මේ වන විටත් තම සේවයට වාර්තා කර බව කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ කැදවුම්කරු මුණියන්ඩි කාලිදාස් මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම මාර්ගය රැක ගැනීමට ඔවුන් සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු සහනයක් මේ අවස්ථාවේදී ලබා දී නොමැති බවයි.
මේ වන විට ඔවුන් තම දරුවන් ගෙවල්වල දමා සේවයට වාර්තා කරන බවත් යම් කිසි වසංගතයක් පැතිරුණුහොත් ඔවුන්ගේ නිවාස පේළි නිවාස බැවින් එය පැතිරීමට වඩාත් වැඩි ඉඩකඩක් ඇති බවත් කාලිදාස් මහතා පැවසුවේය.
කාලිදාස් මහතා තව දුරටත් කියා සිටියේ කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් රජය පසුගියදා විවිධ අංශවලට විවිධ සහන ලබා දෙන බව ප්‍රකාශ කර සිටියත් වතු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිම සහනයක් ලබා නොදුන් බවයි.
එනිසා මේ අවස්ථාවේ හෝ ඔවුන් වැටුපට වැඩි කළ රු. 1,000 ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් කාලිදාස් මහතා පැවසුවේය.