හෙටත් (06) රටපුරා ෆාමසි විවෘතයි

by admindasun
0 comment 3 views

රට පුරා ඇදිරි නීතිය ලිහිල් නොකෙරෙන ප්‍රදේශවලද විශ්‍රාමිකයන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික සියළුම ෆාමසි හෙට දින විවෘත කර තැබීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය අද නිවේදනය කළේය.

මෙම දිනවලදී මෙරට විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත අතර ඒ සමග විශ්‍රාමිකයන්ට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සදහා මෙම තීරණය ගෙන ඇත.

සියළුම විශ්‍රාමිකයන්ට සිය ජේෂ්ඨ පුරවැසි අයදුම්පත ඇදිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේය.

ඇදිරි නීතිය පවතින සමයේද මෙරට ෆාමසි විවෘතව තැබූ අතර පසුව රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ඇදිරි නීතය කාලය තුළ ෆාමසි වසා දැමුණි.

More Top Stories

Leave a Comment