හැකර්වරුන්ගේ කොරෝනා වෛරසය

by admindasun
0 comment 6 views

කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගාතුරව සිටින වේලාවක, හැකර්වරුන් විසින් මිනිසුන්ගේ බියෙන් ප්‍රයෝජන ගැනීමට දරන උත්සාහයක් පිළිබඳ IBM X-Force සහ Kaspersky සමාගම විසින් තොරතුරු හෙලිදරව් කරගෙන තිබෙනවා

හැකර් වරුන් නිපදවා ඇති මෙම මෘදුකාංගය මගින් කොරොනා වෛරසය සම්බන්ද විශේෂ තොරතුරු ඇතුලත් වාර්ථාවක් යැයි කියා නම් කර ලිපි ගොනුවක් ඔබේ Email එක වෙත එවනු ඇත.

එම ලිපි ගොනුව ඔබ Open කල සැනින් මෙම මෘදුකාංගය මගින් ඔබේ සියළු පුද්ගලින දත්ත රැස් කරනු ලබයි. (Passwords, Usernames,Save කර ඇති bank Details)

එමෙන්ම ඔබේ Device එකේ සියළු පාලනය ඔවුන් නතු කර ගැනීමේ හැකියාවත් මෙයට පවතිනවා. එසේ වීමෙන් පසු නැවත ඔබට එහි පාලනය ලබාදීමට කප්පම් මුදල් පවා ගන්නා බව අණාවරණය වී තිබෙනවා..

ඉතින් ඔබත් ඔබේ Email එකට , Whatsapp එකට, Facebook එකට එන සැක සහිත ලිපි ගොනු Open කිරීමෙන් වළකින්න.
ඔබට කොරොනා වෛරසය පිළිබඳ විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Google භාවිතා කරන්න.
ඔබේ දුරකථනය, පරිගණකය නිසි ලෙස Update කර තබා ගන්න.
පරිගණකයේ Virus Guard එක සැමවිටම ක්‍රියාත්මක වන්නේදැයි සැලකිලිමත් වෙන්න..

Courtesy: Webtech Sri Lanka

More Top Stories

Leave a Comment