කල් දැමුණු ඔලිම්පික් තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යළි සුදුසුකම් ලබා ගත යුතු බවට නිවේදනයක්

by admindasun
0 comment 5 views

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබී කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් කල් දැමුණු 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන වසරේදී පැවැත්වීමට නියමිත තරගාවලියට නැවත වරක් සුදුසුකම් ලබා ගැනීමේ මට්ටමට පැමිණිය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

මෙම මස අගෝස්තු මස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට තිබුණු 2020 ඔලිම්පික් තරගාවලියද කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා 2021 වසර දක්වා කල් දැමුණි.

මෙම තරගාවලිය සදහා ජපානය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබුණද කොවිඩ් – 19 වසංගතයේ වර්තමනා තත්ත්වය අනුව තරගාවලිය පැවැත්වීම අභියෝගයට පත්ව තිබූ බැවින් තරගය කල් දැමීමට සිදු විය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කළේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිද අහෝසි කිරීමට පෙර  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් අතරින් 57%ක පිරිසක් 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා බවත් ඔවුන් නැවතත් සුදුසුකම් ලබා ගත යුතු බවත්ය.

More Top Stories

Leave a Comment