ලොව ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි කිහිපයක් මෙම වසර අවසානයේදී යෙදී ඇති බැවින් තම ශාරීරික යෝග්‍යතාව තබා ගැනීමේ ව්‍යායාමවල නිවසේ සිටද හැකි පමණ යෙදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව දිගින් දිගටම පිරිහී ඇති බවට චෝදනා එල්ල වී තිබූ බැවින් තම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම කණ්ඩායම් සමාජිකයන්ට ඉතා වැදගත් බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එක් එක් ක්‍රීඩකයාට වෙන වෙනම යෙදිය යුතු ශාරීරික අභ්‍යාස පිළිබදව දැනුවත් කර ඔවුන්ගේ නිවසටම යවා ඇති බවයි.