අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් PickMe ප්‍රශංසා ලබයි

by admindasun
0 comment 14 views

අර්බුදකාරී අවස්ථාවේදී මෙරට ජනතාවට ලබාදුන් ක්‍රියාශ්‍රීලී සේවාව සහ ඇදිරි නීති තත්ත්වය යටතේ එහි ඵලදායී, ආරක්ෂිත මෙන්ම විශ්වාසදායී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම වෙනුවෙන් මෙරට PickMe  සමාගම පසුගියදා ලෝක බැංකුවට අනුබද්ධ සමාගමක් සහ විශාලතම ගෝලීය සංවර්ධන ආයතනය වන IFC ආයතනයේ ප්‍රශංසාවට ලක් විය.

කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස මෙරට ඇදිරි නීතිය පනවන ලද අවස්ථාවේ සිට PickMe විසින් රියදුරන් 1,000කට අධික සංඛ්‍යාවක් යොදවා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ මළු දක්වාවූ බෙදාහැරීම් 7,000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සුල්ෆර් ජිෆ්රි මහතා පවසයි.

එසේම හදිසි ඇමතුම් අංකයක් ඉක්මනින් සකස් කිරීමෙන් රෝහල් කාර්ය මණ්ඩලවල ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමටද ඔවුන්ට හැකි වූ බවත් ඔහු කියා සිටියේය.

More Top Stories

Leave a Comment