අප්‍රේල් මස 20 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ නව පාසල් වාරය මැයි 11 වන දින දක්වා කල් දමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
කොවිඩ් – 19 වසංගතයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා නියමිත දිනට කලින් පාසල් නිවාඩු ලබා දුන් අතර සාමාන්‍යයෙන් අප්‍රේල් නිවාඩුව අවසන් කෙරෙනුයේ සිංහල අලුත් අවුරුද්දට පසු සතියේදීය.
එහෙත් මෙම වසංගත තත්ත්වයෙන් පාසල් දරුවන් මුදා ගැනීම සදහා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම නිවේදනයේ තවදුරටත් සදහන්වේ.
තවද පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශි්‍ෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැළසුම් කර ඇති අතර විශ්වවිද්‍යාල නැවත විවෘත කරන දිනයද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සහ විශ්වවිද්‍යාල බලධාරීන්ගේ එකගතාව මත දිනයක් නියම කරගෙන සිදු කරන ලෙසත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය.